ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු 

Share

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද යළි වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මෙම නඩුකරය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන දෙසැම්බර් මස 09 වනදා අධිකරණයට කරුණු දක්වන ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ.

Read more

Local News