වෛද්‍ය පීඨයක් සඳහා සෞදියෙන් මුදල් ආධාර

Share

සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීම සඳහා සහනදායී කොන්දේසි යටතේ සෞදි රියාල් මිලියන 187.5ක් ලබා දීමට සෞදි අරමුදල සිය එකඟතාවය ලබා දී ඇත.

අදාළ ගිවිසුම 2019 සැප්තැම්බර් මස 18 වන දින මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් කර තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා අත්සන් කළ අතර සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) වෙනුවෙන් එහි නියෝජ්‍ය සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ කලීඩ් සුලෙයිමන් අල්කුඩෙයිරි මහතා අත්සන් කර ඇත.

Read more

Local News