තංගල්ලේ නිවසකින් මළ සිරුරක් හමුවෙයි

Share

තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ නිවසක කාමරයක එල්ලෙමින් තිබූ පිරිමි මළ සිරුරක් අද (19) හමුවී ඇත.

එසේම එම නිවසේම බරපතළ කැපුම් තුවාල සහිත කාන්තාවක් සිට ඇති අතර ඇය මේ වන විට තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙක්.

සිද්ධිය සම්බන්ධව තංගල්ල මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News