Tuesday, March 19, 2024.

11 වැනි දිනටත් ආබාධිත රණවිරුවන් විරෝධතාවයේ

Share

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආබාධිත රණවිරුවන් ආරම්භ කළ විරෝධතාව අද (21) දින 11 වැනි දිනයටත් පැවැත්වෙයි.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී සිය විරෝධතාව ඇරඹුවේ පසුගිය 11 වැනිදායි.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද විරෝධතාව පැවැත්වෙන ස්ථානයට ඊයේ (20) පස්වරුවේ වැඩම කළේය.

Read more

Local News