දියකාවා යුද අභ්‍යාසයේ දී පැරෂුට් සෙබලෙක් ජිවිතක්ෂයට

Share

කුච්චවේලි, කුඹුරුපිටිය ප්‍රදේශයේදී දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් අතරතුර යුද හමුදා භටයෙකු මියගොස් තිබේ.

දියකාව යුධ අභ්‍යාස මෙහෙයුම් පැරෂුට් සංදර්ශන පුහුණුවිම්වල නිරතව සිටියදී යුද හමුදා සෙබලෙකු ගමන් ගත් පැරෂුටය සුළඟට හසුවී ගසාගෙන ගොස් මුහුදට වැටී ඇති බව පොලීසිය පවසයි.

පසුව අදාළ සෙබලා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 35 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි හතරවන කමාන්ඩෝ බලකා මුලස්ථානයට අනියුක්තව රාජකාරි කළ හමුදා සෙබලෙක්.

Read more

Local News