ඡන්දය කල්දාන්න සිදු කල දෙයක් වාසු කියයි

Share

බටහිර අධිරාජ්‍යවාදීන් සිය වුවමනාවන් ඉටු කර ගැනීමට වත්මන් ආණ්ඩුව නැවත බලයට ගෙන ඒම සඳහා ආධාර අනුබල දීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

බටහිර අධිරාජ්‍යවාදීන් සිය වුවමනාවන් ඉටු කර ගැනීමට වත්මන් ආණ්ඩුව නැවත බලයට ගෙන ඒම සඳහා ආධාර අනුබල දීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ(22) ගම්පහ පැවති ජනහමුවකදීයී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, ජනවාරී 8 වන දා ආණ්ඩුව ගමන යෑමට සිටියේ කොතැනට යන්න අද වන විට දන්නා බවත් පැවසු මන්ත්‍රීවරයා, අද වික්‍රමසිංහ මහතාට අවශ්‍ය ගමනාන්තයට ශ්‍රී ලංකාව ගෙන යෑමට නොහැකි වු බවත් පැවසීය.

අද වන විට එම බටහිර අධිරාජ්‍යවාදය විසින් තම අභිමතාර්ථ ඉෂ්ඨ කර ගැනීමට තවත් වසර 5කට වික්‍රමසිංහ මහතාට බලය ලබා දීමට කටයුතු කරමින් සිටින බව ද පැවසු මන්ත්‍රිවරයා, ජනතා විමුක්ති පෙරමුණ හරහා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් රටේ සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව සතුරන් බවට පත් කිරීමට උත්සහ කළත් එය වැළකී ගිය බවත් කියා සිටියේය.

මෙහිදී  එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ද රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් පළ කළේය.

කාදිනල් උතුමාණන් විසින් කිසිදු සැකයක් නොමැතිව තමා අතේ ඇති තොරතුරු අනුව සැබෑ අපරාධකරුවන් ගැන සොයා බැලීමට කොමිසමක් පත් කරන්නැයි පවසා සිටි බවත් අද අල්ලන් ඉන්නේ දෙවැනි තුන්වැනි පෙළේ අය බවත් එතුමා නොකියා පවසා සිටි බවත් වාසුදේව මහතා කියා සිටියේය.

එතුමා මෙය ප්‍රහාරය ආණ්ඩුවෙන් සිදුකල වැඩක් බව නොකියා කියා ඇතැයි පැවසු ඒ මහතා, එය පැවසීම වැරුද්දක් නොවන බවත් පැවසීය.

පසුව දිගන ප්‍රදේශයේ කෝලාහලයක් ඇති කල බවත් පැවසු වාසුදේව මහතා, ඊට වඩා ප්‍රබල සිදුවීමක් සිදු කිරීම ගැන ඍජුවම තමා ආණ්ඩුවට චෝදනා කරන බවත් කියා සිටියේය.

මෙය ඡන්දය කල්දමා ගැනීමට සිදු කල දෙයක් බවත් පසුව මෙය එක්සත් ජාතික පක්ෂයටම භූමරංගයක් ලෙස පැමිණ බෙල්ල කපා ගෙන යා හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News