අණ නොතකා ධාවනය කළ මෝටර් රථයට වෙඩි

Share

පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට කටුවන, හොරේවෙල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර ඇත.

ගවයෙකු සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව හොරේවෙල ප්‍රදේශයේදී පොලීසිය විසින් මෝටර් රථයකට නවතන ලෙස සංඥා කර ඇත.

එහෙත් මෝටර් රථය පොලිස් අණ නොතකා පළා යාම හේතුවෙන් වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අනතුරුව මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර එහිදී එහි සිටි එක් අයෙකු අත්අඅඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු පළාගොස් ඇති බව පොලිසීය පවසයි.

Read more

Local News