අපේ පක්ෂයේ පෙරහැරට අලි ලෑස්ති කරනවා

Share

කිසිදු භේද බින්නයකින් තොරව බෞද්ධ සිද්ධාස්ථාන සංවර්ධනය සඳහා සහය විය යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

කිසිදු විටකදි බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය සඳහා විදේශීය මුදල් නොලැබෙන බවත් ඒ නිසා මේ සදහා වියදම් වෙන්නේ අපේම රුපියල් සත බවත් එය සියළු දෙනා අවබෝධ කර ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී මුණසිංහ බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත නාහිමියන්ගේ පූර්ණ අනුශාසනාව මත සංවිධානාය කර  05 වන වරටත් පැවැත්වෙන කළුතර බිනර පෙරහර ආරම්භක උත්සව අවස්ථාවට සහභාගි වෙමින්.

බෞද්ධ දර්ශණය ලෝකයේ විද්‍යාඥයින් පිළිගන්න ඉතාමත්ම විද්‍යාත්මක දර්ශණ බවද අමාත්‍යවරයා පවසයි.

මේ ධර්මයේ තිබෙන විද්‍යාත්මක ස්වරූපය කිසිදු දෙවියන් වහන්සේ කෙනෙක් මත නොවෙයි තමන්ගේ ශක්තිය උඩ තමන්ගේ ඉදිරි ගමන යන්නට දේශනා කරන ලද දහමක් බවද අමාත්‍යරයා පෙන්වා  දෙයි.

ජාතිය, ආගම, කුලය සළකන්නේ නැතිව මිනිස් ජාතිය, මිනිස් ප්‍රජාව වෙනුවෙන් දේශණා කළ දර්ශණයක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මට කිව්වා අද උදේ වෙනකන් බයෙන් හිටියේ කියලා. අපිත් එක්ක වැඩ කරන කොට බය වෙන්න ඕන නැහැ. කොහොම හරි වැඩේ කෙරෙනවා.

මට උන්වහන්සේ සමග සම්බන්ධ වීමට නොහැකි වුනා. කාර්ය බහුල වීම නිසා උන්වහන්සේ පවරපු කටයුතු පවා මට කරන්න බැරි වුනා.

නමුත් පෙරහර ට අදාල මූලික වැඩකටයුතු අපි කළා.  උන් වහන්සේගේ පෙරහරට වඩා ලොකු පෙරහර ක්, අපි මේ දවස්වල කොළඹ කරනවා.

අපේ පක්ෂයේ පෙරහර ට අලි ලෑස්ති කරනවා. මේ පළාතේ දරු දැරියන්ට ප්‍රදේශවාසීන්ට මේ පෙරහැර බැලීමට අද අවස්ථාව උදාවෙලා තිබෙනවා.

උත්සව අවස්ථාවෙන් අනතුරුව පෙරහර ආරම්භය සනිටුහන් කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සධාතුක කරඩුව පෙරහර මංගල හස්තිරාජයා මත තැන්පත් කරන ලදි.”

මෙම අවස්ථාවට පලාතොට ගංගාරාම පුරාණ මහා විහාරයේ විහාරාධිපති, කළුතර තොටමුණේ උපප්‍රධාන සංඝනායක, දුවේගොඩ ධම්මාරාම නාහිමියන්, පූර්වාරාම ධර්මවිජය පිරිවෙණේ පරිවණේ අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා පාලි  හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ සංස්කෘතික අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ නායක මාහිමිපාණන් වහන්සේ, බේරුවල ශාසණාරක්ෂණ මණ්ඩලයේ ගරු සභාපති මාගල්කන්දේ ධම්මානන්ද නාහිමියන්, මාගල්කන්දේ විහාරස්ථානයේ විහාරාධිපති මාගල්කන්දේ සුදත්ත නාහිමියන්, හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධ මහතා, කළුතර ප්‍රාදේශීය  සභාවේ සභාපති සංජීව ආරියරතන මහතා, කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ

Read more

Local News