මෙරටට සංක්‍රමණය විමට උත්සහ කළ අයෙක් ඇතුළු 6ක් නාවික හමුදා බාරයට

Share

යාපනය, තොණ්ඩමනාරු ප්‍රදේශයේ ඊයේ(22) දින සිදු කල වැටලීමකදී නීති විරෝධී ලෙස මෙරටට සංක්‍රමණය විමට උත්සහ කල පුද්ගලයෙකු ඇතුළු සැකකරුවන් හයදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

තොණ්ඩමනාරු, අක්කරෙයි වෙරළ ආශ්‍රිතව පිහිටි ළමා උද්‍යානය අසලදී සැක කටයුතු වෑන් රථයක් නාවික හමුදාව විසින් නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී වෑන් රථයේ සිටි පුද්ගලයින් 06 දෙනෙකු පරික්‍ෂාවට ලක් කර ඇත.

සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මෙම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙකු නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වූ පුද්ගලයෙකු බව කරුණු අනාවරණය කර ගෙන ඇති අතර, එහිදී මෙම සැකකරු නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කෙරුණි.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 30 ක් වන ශ්‍රී ලංකික පුද්ගලයෙකු බවට හඳුනා ගෙන ඇත.

තවද, අනෙක් පුද්ගලයින් පස්දෙනා නීති විරෝධී ලෙස මෙරටට පැමිණි පුද්ගලයා රැගෙන යාම සඳහා පැමිණි පුද්ගලයින් බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ අතර, එහිදී එම පුද්ගලයින් හා වෑන් රථය නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කර ඇත.

එම පුද්ගලයින් වයස අවුරුදු 19 ත් 31 ත් අතර වයස්වල පසුවන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් සැකකරුවන් සහ වෑන් රථය ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා වැල්වැටිතුරෛයි පොලිසිය වෙත බාර දීමට කටයුතු කරන ලදී.

Read more

Local News