සියලු දිස්ත්‍රික්කවලට ත්‍රිවිධ හමුදාව

Share

මහජන ආරක්ෂක ආඥා පනතට අනුව ත්‍රිවිධ හමුදා සාමාජිකයින් දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට ආරක්ෂක කටයුතු සඳහා යෙදවිමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

අදාල ගැසට් නිවේදනයට අනුව සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයින් දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල හා ඊට යාබද දේශිය ජල තීරයන්වල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවිම් සිදු කර තිබේ.

Read more

Local News