දුම්රිය වර්ජනය අවසන්

Share

වැටුප් විෂමතා ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දින 06 ක් පුරා පැවති දුම්රිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබේ.

දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් විසදුම් ලබා දීමට පත් කළ අමාත්‍ය අනුකමිටුව හා පැවැති සාකච්ඡාවෙන් පසුව වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම් ) විජය සමරසිංහ මහතා මේ බව සඳහන් කළ අතර සේවකයන් අද දින සේවයට වාර්තා කළ යුතු බවද පැවසීය

Read more

Local News