අදත් වෘත්තීය සමිති කිහිපයක් වර්ජනයේ

Share

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තිය සමිති රැසක් අද (26) දිනයේදීත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරතවිමට සැලසුම් කර ඇත.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වර්ජනය 14 වන දිනටත් අද දිනයේ ක්‍රියාත්මක වෙයි.

කෙසේවෙතත් මේ දක්වාත් තම ඉල්ලීම් වලට විසදුම් ලබාදීමට බලධාරින් පියවර ගෙන නොමැති බවයි විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් සඳහන් කළේ.

වසර 22කට අධික කාලයක් පවතින වැටුප් විෂමතාවය ඇතුලු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති අද දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවිමට සැලසුම් කර ඇත.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ විධායක සේවා නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මකයි.

රාජ්‍ය පරිපාලන නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ අඛණ්ඩ වර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මකයි.

Read more

Local News