ලියාපදිංචි ගොවීන්ට වන්දි මුදල් සති දෙකෙන්

Share

කෘෂි රක්ෂණ මණ්ඩලයෙහි ලියාපදිංචි රක්ෂණ වාරික මුදල් ගෙවූ සියලු ගොවීන්ගේ වන්දි මුදල් සති දෙකක් තුල ගෙවා දමන ලෙස කෘෂිරක්ෂණ මණ්ඩලයේ නිලධාරීන්ට අමාත්‍ය පී. හැරිසන් මහතා උපදෙස් ලබා දුන්නේය.

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා හා ගොවි නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙන ලදී.

ඒ අනුව අම්පාර, මොණරාගල හා ඇතිමලේ රක්ෂණ වාරික ගෙවූ ගොවීන් 3000 කට මෙම වගා හානි මුදල් ගෙවීමට නියමිතය.

ඒ වෙනුවෙන් රුපියල් මිලියන 200 ක පමණ මුදලක් වැය වෙතැයි නිළධාරීන් අමාත්‍යවරයාට ප්‍රකාශ කළ අතර මුදල් ගෙවීම ප්‍රමාද වීමට අමාත්‍යවරයා නිළධාරීන්ගෙන් කරුණු විමසූ අතර ඒ වෙනුවෙන් මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ද හැකි ඉක්මනින් සිදුකරන ලෙස අමාත්‍යවරයා පැවසීය.

මේ අතර සේනා දළඹු වගා හානි වන්දි මුදල් පළමු අදියර ගෙවා අවසන් වී දෙවන අදියර යටතේ ගෙවීමට ඇති අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් 12,995ක් සඳහා මිලියන 211 මුදලක් ද, මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවීන් 12,254දෙනෙකු සඳහා රුපියල් මිලියන 208 ක මුදලක්ද සේනා දළඹු හානි වන්දි මුදල් දෙවන වර ගෙවීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට මේ වනවිටත් යොමුකර ඇති බවත් ඒ වෙනුවෙන් අනුමැතියද ලබා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.

Read more

Local News