නාවික හමුදා ටිපර් රථයේ ගැටී දෙදරු පියෙක් මරුට

Share

අරලගංවිල පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ දලූකාන මංසන්ධියේදි ටිපර් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටි අද (26) සිදු වු අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් පියෙකු මියගොස් තිබේ.

අනතුරින් කුඩා පිරිමි දරුවෙකු හා ඔහුගේ මව බරපතළ තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ කුඩාවැව දලූකාන අක්කර 25 අංක 37 ලිපිනයේ පදිංචිව සිටි 32 වියැති දෙදරු පියෙකි.

නාවික හමුදාවේ කිහිප දෙනෙකු රැගෙන දිඹුලාගල දෙසින් පැමිණි ටිපර් රථය නවතා තිබු ටිපර් රථයක් පසු කර යැමට උත්සහ දැරිමේ දී ඉදිරියෙන් පැමිණි යතුරු පැදිය ටිපර් රථයේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බව අරලගංවිල පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයා මාඳුරුඔය යුද හමුදා කඳවුරට අනියුක්තව සේවය කර නිවාඩුවක් සඳහා නිවසට පැමිණ කුඩා දරුවාට බෙහෙත් රැගෙන එමට ගොස් ආපසු නිවස බලා යමින් සිටි හමුදා සෙබලකු බවද අරලගංවිල පොලීසිය පවසයි.

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News