වැඩ වර්ජන වලට හේතුව මෙන්න

Share

පරිපාලන සේවයේ වෘත්තීය සමිති දේශපාලන අවශ්‍යතාවයක් මත වර්ජන දියත් කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ 84 වන  වාර්ෂික මහා සභා රැස්වීමට ඊයේ දින (28) පෙරවරුවේ සහභාගි වෙමිනි.

එමෙන්ම වෘත්තීය සමිති ක්‍රියාත්මක කරන අසාධාරණ වර්ජනයන්ට එරෙහිව මහජනතාව දැනුවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

වෘත්තීය සමිති නායකයින් සමග පැවැති සාකච්ඡාවක දී වැටුප් වර්ධයක් ලබාදීමට තීරණය වූ අතර, එම වැටුප් වර්ධකය ලබාගැනීම පරිපාලන සේවයේ නිලධාරීන් එකඟත්වය පළ කර තිබ නොමැති බව අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් එම වැටුප් වර්ධකය ලබාගැනීමට ලේකම්වරු එකඟත්වය පළ කිරීමත් සමග වැටුප් විෂමතාවයක් හටගත් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙයි.

රාජ්‍ය සේවයේ ඇතැම් ශ්‍රේණි වලට සියයට 200 ක 300 ක පමණ වැටුප් වර්ධක ලබාදී තිබිය දී වෘත්තීය සමිති වැටුප් විෂමතාවයක් මුල් කරගෙන සිදු කරන වැඩවර්ජන දේශපාලන වශයෙන් රජය අපහසුතාවට පත් කිරීමට සැළසුම් කළ ඒවා බව ද එහිදී දොස්තර රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙන ලදි.

Read more

Local News