වර්ජනයේ නිරත වෘත්තීය සමිති සාකච්ඡාවකට කැඳවයි

Share

රාජ්‍ය සේවයේ වැටුප් ගැටලූව විසදීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර අද (30) සාකච්ඡාවක් කැඳවා තිබේ.

ලංකා ගුරු සේවා සංගමයේ කැදවුම්කරු මහින්ද ජයසිංහ මහතා පැවසුවේ, පස්වරු 1.30 ට ගුරු විදුහල්පති වෘත්තීය සමිති මුදල් අමාත්‍යංශයට කැඳවා ඇති බවයිි.

වැටුප් ගැටලූවට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් ලබන මස 7 වනදා සිට 12 වනදා දක්වා දින පහක වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ගුරු විදුහල්පති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තී ක‍්‍රියාමාර්ගය හේතුවෙන් පසුගිය 26 හා 27 යන දින වල පාසල් වල අධ්‍යන කටයුතු අඩාල විය.

අද සවස 3.00ට දුම්රිය වෘත්තීය සමිති මුදල් අමාත්‍යංශයට කැඳවා තිබේ.

වැටුප් සහ ශ්‍රේණි විෂමතා මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති පසුගිය 25 වනදා ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය 05 වන දිනටත් අද ක‍්‍රියාත්මකයි.

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් 20 වන දිනටත් අද වැඩ වර්ජනයේ නිරත වනවා. ඒ වැටුප් ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.

කෙසේවෙතත් තම සංගමයට සාකච්ඡාවක් සදහා කැබිනට් අනුකමිටුව මෙතෙක් කැදවීමක් කර නොමැති බවයි විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ.

අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ ශ‍්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ වැඩ වර්ජනය ලබන 02 වනදා දක්වා කල් දමා තිබේ.

වර්ජන පිළිබඳ සොයා බැලීමට පත්කළ අනුකමිටුව අද සාකච්ඡාවක් ලබා දීම හා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය අදට යෙදී තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ.

Read more

Local News