ලක්ෂ විස්සක් වටිනා ගංජා හේනක් වටලා අයෙක් අත්අඩංගුවට

Share

හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයේ බලහරුව ප්‍රදේශයේ දී හම්බෙගමුව පොලීසිය විසින් සිදු කළ විශේෂ වැටලීමකින් රුපියල් ලක්ෂ 20කට වැඩි වටිනාකමකින් යුතු ගංජා හේනක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගංජා හේන කැළෑබද ස්ථානයක ඉතා සරුවට වගා කර නැවත එම ගංජා ගස් කප්පාදු කර ඇති බව පොලිසිය පැවසීය.

ගංජා හෙනේ පැළ 7000කට වඩා තිබී ඇත.

ගංජා හේන වගා කළ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බලහරුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක පුද්ගලයෙකි.

සැකකරු අද (30) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉදිරි විමර්ශන හම්බෙගමුව පොලීසිය විසින් සිදු කරයි.

Read more

Local News