කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට 40 වසරක් පිරීම නිමිත්තෙන් කාර්යය මණ්ඩලයට සම්මාන

Share

තේ කර්මාන්තයේ ප‍්‍රමුඛත්වය ගෙන කටයුතු කරන්න කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට 40 වසරක් පිරීම නිමිත්තෙන් එම අධිකාරියේ කාර්යය මණ්ඩලය ඇගයීම වෙනුවෙන් සම්මාන පිරිනැමීම ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල KIU විශ්වවිද්‍යාල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහිදී ගාමිණී දිසානායක අනුස්මරණ විශේෂ ස්වර්ණ සම්මානය, රත්නසිරි වික‍්‍රමනායක අනුස්මරණ විශේෂ ස්වර්ණ සම්මානය ඇතුළු සම්මාන රැසක් පිරිනැමීම සිදුකෙරුණි.
කුඩා තේවතු සංවර්ධන අධිකාරිය යටතේ ප‍්‍රාදේශීය කාර්යාල 08, උප කාර්යාල 26 ක් සහ ක්ෂේත‍්‍ර නිළධාරී කාර්යාල 144ක් මගින් තේ කර්මාන්තයට විශාල දායකත්වයක් ලබා දෙනු ලබයි.

Read more

Local News