අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 08ක් ඇතුළත් සහන මල්ලක් වෙළෙඳපොළට

Share

එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් ජීවන වියදම පාලනය කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් “සහන මිල වෙළඳසැල්” ඇති කිරීමට කටයුතු කරයි.

එමගින් සහල්, පරිප්පු, සීනි, හාල්මැස්සන්, ළූණු, අර්තාපල් හා ටින් මාලූ ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 08ක් ඇතුළත් සහන මල්ලක් වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී තීරණය කර තිබේ.

මේ වන විට වෙළඳපොලෙහි මිල ඉහල ගොස් ඇති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක්, සාමාන්‍ය වෙළෙඳපොළ මිල යාන්ත්‍රණයෙන් පරිබාහිරව, එහි පිරිවැයට අනුව සහන මිළක් යටතේ සාමාන්‍ය ජනතාවට ලබා දීමේ ක්‍රමවේදයක් වශයෙන් රජය මෙම පියවර ගෙන ඇත.

පෞද්ගලික සුපිරි වෙළෙදසැල් ජාලය හා ලංකා සතොස අලෙවි සැල් මගින් එම සහන මල්ල පාරිභෝගිකයන්ට ලබාගැනීමට හැකි වන පරිදි බෙදා හැරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට ද අපේක්‍ෂිතය.

මෙම යාන්ත්‍රණය ඔස්සේ භාණ්ඩ සැපයීම, භාණ්ඩ ප්‍රවාහනය හා අලෙවිය සඳහා සම්බන්ධ වන සියලූම පෞද්ගලික හා රාජ්‍ය වෙළෙඳ ආයතන සඳහා සහනදායි විදුලි ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට හා විශේෂ ආදායම් බදු සහන ලබාදීමටත් රජය තීරණය කරන ලදී.

ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් හා ආයතන මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වීමට මේ වන විටත් එකඟතාවය පළ කර ඇත.

Read more

Local News