උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවර ගන්න – අගමැති

Share

ඊයේ (14) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්වවිද්‍යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීම වෙනුවට උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස විශ්වවිද්‍යල උපකුලපතිවරුන් වෙත උපදෙස් ලබා දුන්නේය.

වර්තමානයේ විශ්වවිද්‍යාවල පවතින ගැටලු හා අනාගත උසස් අධ්‍යාපන සැලසුම් පිළිබඳව, උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ විශ්වවිද්‍යාල උප කුලපතිවරුන්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් හා භාණ්ඩාගාර නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (14) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවක දී අගමැතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට එදා ජාත්‍යන්තරයේ හිමි වී තිබූ තත්ත්වය මේ වන විට පහත වැටී ඇති බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නැවතත් ජාත්‍යන්තර මට්ටමට ගෙනඒම සෑම උප කුලපතිවරයකුගේම වගකීම බව ද අවධාරණය කළේය.

විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන නවකවදය තුරන් කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගත යුතු බවත්, අවශ්‍යය නම් සරසවිවලට අලූතින් සේවකයන් බඳවා ගෙන හෝ නවකවදය තුරන් කර සිසුන්ට නිදහසේ සිය අධ්‍යානපන කටයුතු සාර්ථකව කර ගෙන යා හැකි පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී අවධාරණය කළේය. එසේම විශ්වවිද්‍යාල සිසුන් පන්ති වර්ජනයට නොව අධ්‍යාපනය සඳහා යොමු කළ යුතු බව ද වැඩිදුරටත් අවධාරණය කළේය. පශ්චාත් උපාධි අධ්‍යයන හා පර්යේෂණ ක්ෂේත්‍ර පුළුල් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත්, විදේශ විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධතා වැඩිදියුණු කරගනිමින් හවුල් අධ්‍යයන පාඨමාලා හඳුන්වාදීමටත් කටයුතු කරන ලෙස උපදෙස් ලබා දුන් අගමැතිවරයා, සංවර්ධන උපායමාර්ග හා ජාත්යන්තර වෙළෙඳ අමාත්‍යාංශය හරහා දේශීය විශ්වවිදද්‍යාල විදේශයන්හි ප්‍රවර්ධනය කිරීමට අවශ්‍යව කටයුතු යොදන ලෙසට ද දන්වා සිටියේය.

Read more

Local News