සෞදි අරාබියේ තහනම් කර තිබු සිනමා ශාලා යලි විවෘතයි

Share

සෞදි අරාබියේ සංස්කෘතික සහ තොරතුරු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වසර තිහකට අධික කාලයක් තහනම් කර තිබුණු සෞදි අරාබියේ වාණිජ සිනමා ශාලා යළි විවෘත කිරීම සඳහා සිනමා ශාලා බලපත්‍ර නිකුත් කිරීම වහා ආරම්භ වනු ඇති බවයි.

ඒ අනුව 2018 මාර්තු මාසය වනවිට සිනමා ශාලා විවෘත කිරීමට හැකි වනු ඇති බවට එම අමාත්‍යංශය බලාපොරොත්තු පළ කරයි.

ඔටුන්න හිමි මොහම්මඩ් බින් සල්මාන් කුමරුගේ 2030 වසර සඳහා වන සමාජීය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ දැක්ම යන වැඩපිළිවෙලේ කොටසක් වශයෙන් මෙම පියවර ගෙන ඇත.

Read more

Local News