ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම අරඹයි

Share

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම අද පෙරවරු 07ට ආරම්භ විය.

ඡන්ද මධ්‍යස්ථාන 47කදී පස්වරු 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරිම සදහා අවස්ථාව පවතියි.

ඒ සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව පනස් තුන්දහස් තුන්සිය අසු හතරකි.

ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 05කින් අපේක්ෂකයන් 155 දෙනෙකු ඉදිරිපත්ව සිටියි.

ඔවුන්ගෙන් 28 දෙනෙකු සභිකයන් ලෙස තේරී පත් වීමට නියමිතයි.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව පිළිගත් වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් කළ යුතු වෙයි.

රාජකාරී කටයුතු සඳහා කාර්ය මණ්ඩලයේ 800 දෙනෙකු යොදවා ඇති අතර ඡන්ද පෙට්ටි සහ  ඡන්ද පත්‍රිකා  මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සදහන් කළේය.

Read more

Local News