රට ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රායෝගික සැලැස්මක් ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
දැරණියගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.
ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පවසා සිටියේ රට වැඩක් කළ පුද්ගයෙකු ලෙස තමන් ඉදිරිපත් වී ඇති බවයි.
මේ අතර රටේ ජනතාව බලාපොරොත්තු වන සුරක්ෂිත රටක් ආරක්ෂිත දේශයක් ලබා දීමේ හැකියාව තමා සතුව ඇති බව ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.