කළුබෝවිල නිවසක ගින්නකින් කාන්තාවක් මරුට

Share

කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ ඊයේ (14) රාත්‍රියේ ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් වයස අවුරුදු 57ක කාන්තාවක් මිය ගොස් ඇත. මිය ගිය කාන්තාව සුළු මානසික රෝගයකින් ද පෙළුණු තැනැත්තියක් බවට වාර්තා වේ.

අදාළ ගින්න කොහුවල පොලිසිය, ප්‍රදේශවාසීන් හා දෙහිවල – ගල්කිස්ස නගර සභා ගිනි නිවීමේ ඒකකවල සහාය ඇතිව මැඩ පවත්වා තිබේ.

මෙම ගින්න නිවසේ ඉහළ මහලේ කාමරයක් තුළ හටගෙන අැත.

Read more

Local News