තම රජයක් යටතේ දූෂණය නතර කිරීමට කටයුතු කරන බව පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන ලද ජන රැළි මාලාවේ ජන රැලි කිහිපයක් අද කෑගල්ල දිස්ත්‍රික්කය කෙන්ද්‍ර කොටගෙන එම පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් රඹූක්කන, අරණායක, ගලිගමුව නගරයන්හිදී පැවැත්විය.
එම රැස්වීම් මාලාවේ ප්‍රධාන රැස්වීම අද උදෑසන රඹුක්කන මහජන ක්‍රීඩාංගණයේදි පැවැත්වුණි.
එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ සිය අදහස් පල කළේය.
“අවුරුදු පහක් මේ රට පාලනය කරලා, නැවත බලයට ආවොත් ප්‍රශ්න විසදනවා යැයි කියන ජනතාව මෝඩයන් යැයි කියලා හිතලා කටයුතු කරන දේශපාන සංස්කෘතිය අපි වෙනස් කර යුතුයි.
මේවා විසඳන්නේ නැතිව නැවතත් බලය ඉල්ලීම ඒ හරහා ප්‍රශ්න විසඳනවා කියලා කියන එක පොරොන්දු විතරයි.
අපි අද ඉදිරිපත් වෙලා තියෙන්නේ එදා ආරම්භ කරපු සංවර්ධන ඉදිරියට ගෙන ගිහින් මේ රටේ ආර්ථිකය ගොඩ ගන්නට පැහැදිලි ආර්ථික සැලස්මක් එක්ක.
සෘජු නායකත්වයක් යටතේ වැඩ කරන්නට පුළුවන් කණ්ඩායමක් හැටියට තමයි අපි ඔබ ඉදිරියට ඇවිත් බලය ඉල්ලන්නේ.
නිදහසින් පස්සේ පත්වු සෑම රජයක්ම මේ රජය තරම් දුෂිත නැහැ. මහා පරිමාණයේ දුෂණ ව්‍යාපෘති කිසිවක් නැහැ.
අපි දුෂණය අවසන් කරනවා. ඒකට අපිට තාරාතිරම් දේශපාල පක්ෂ පාට වැඩක් නැහැ.
තාක්ෂණය යොදවලා දූෂණය අවම කරන්න පුළුවන්.
ලෝකයේ විශාල දුෂණ තිබු රටවල් වල මේවා ප්‍රායෝගිකව කරලා තිබෙනවා. අපි එවායින් පාඩම් ඉගෙන ගන්නට ඔනෑ.
ඒවාගේ රජයේ වැඩ පහසුවෙන් කරගන්න බලපත්‍රයක් වැනි දෙයක් පවා පහසුවෙන් ගන්න ක්‍රමයක් අපි සකස් කරනවා.
මම ඉල්ලා සිටිනවා ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න.
ඔබ දන්නවා මට දුන්න හැම වගකීමක්ම මම සීයට සීයක්ම ඉටු කරන ලද පුද්ගලයෙක්.
අපි ඉදිරිපත් කරන ජනතාව කෙන්ද්‍ර කරගත් ආර්ථික සැලස්ම අනුව ලංකාව දියුණු කර හැකියි.
ඒ සඳහා ඥාණය නිසි ලෙස හැසිරිය යුතුයි.
තරුණ තරුණියන් හොඳ වේතනයක් ලැබිය හැකි රැකියා අපිට උත්පාදනය කර හැකියි.
අපිට අවශ්‍ය වේලා තියෙන්නේ නිපුණත්වයෙන් වැඩි දැනුම ඇති තරුණ තරුණියන්.
අපේ අධ්‍යාපන ක්‍රමවේදයේ වැරද්දක් නිසා අපේ තරුණ තරුණියන් අතර මං වෙලා.
උසස් පෙළ සමත් වෙන සමත් වෙන සෑම දරුවෙකුට අපි විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙන්නට ඕනෑ.
මුල අවුරුද්දේම අපි විශාල ආයෝජනයක් ඒ වෙනුවෙන් කරනවා.
ඒ වාගේම සාමන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ අසමත් වෙන ඉන්න තරුණ තරුණියන්ට කාර්මික හෝ තාක්ෂණින ඥාණය ලබා දී ආර්ථිකයට අවශ්‍ය රැකියාවන්ට ඔවුන් පුහුණු කළ යුතුයි.
ඒ හරහා අපිට මේ ලංකාව දියුණු කරලා ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙනවා.
මෙන්න මේ සැලසුම් ක්‍රියාත්මක කරන්නට ඔබ යුතුකම ඉටුකරන්න මාගේ මාගේ යුතුකම ඉටු කරලා සුරක්ෂිත රටක් ලබා දෙනවා යැයි කියන එක පොරොන්දු වෙනවා.”