ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් සිව් දෙනෙකුගේ රුව ඇතුළත් සමරු මුද්දර හතරක්

Share

තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් සිව් දෙනෙකුගේ රුව ඇතුළත් සමරු මුද්දර හතරක් අද (16) තලවතුගොඩ දියසරු තෙත් බිම් උද්‍යානයේ දී නිකුත් කිරීම සිදු කෙරේ.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශයේ සංචාරක ආකර්ෂණීය බවින් යුත් මුද්දර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම මුද්දර පෙළ නිකුත් කරනු ලබන අතර ශ්‍රී ලංකා කළු ඉසැසි කොණ්ඩයා, ශ්‍රී ලංකා වන රැවියා, ශ්‍රී ලංකා පිටතඹලයා, ශ්‍රී ලංකා සිළුකවුඩා යන කුරුල්ලන් මෙම මුද්දර පෙළින් නිරූපණය කෙරෙනු ඇත.

Read more

Local News