Tuesday, March 19, 2024.

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

Share

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (19) රාත්‍රියේ සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව අද රාත්‍රි 9.00 සිට හෙට (20) පස්වරු 03.00 දක්වා කොළඹ 13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

එමෙන්ම අදාළ කාලය තුළ කොටුව, පිටකොටුව සහ කොළඹ 09 යන ප්‍රදේශවලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

Read more

Local News