ජනාධිපතිවරණයට සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව 1200ඉක්මවයි

Share

ජනාධිපතිවරණයට අදාලව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1200ඉක්මවා ඇති බව මැතිවරණ කොමිශන් සභාව පවසයි.

පසුගිය 8 වනදා සිට ඊයේ (21) දිනය දක්වා පැමිණිලි 1237 ක් ලැබීඇති අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි බව ඔවුන් පවසයි.

ජාතික මධ්‍යස්ථානයට පැමිණිලි 478 ක් ලැබී ඇති අතර දිස්ත්‍රික් මධ්‍යස්ථානවලට පැමිණිලි 759 ක් ලැබී ඇති බව සදහන්.

ඊයේ දිනය තුළ පමණක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 73 ක්ඇතුළු පැමිණිලි 103 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිශන් සභාව පැවසුවේය.

Read more

Local News