Home දේශීය පුවත් දැන් පොහොට්ටුකාරයෝ කියන බොරුවක් මොකක්ද ?

දැන් පොහොට්ටුකාරයෝ කියන බොරුවක් මොකක්ද ?

0
දැන් පොහොට්ටුකාරයෝ කියන බොරුවක් මොකක්ද ?

දෙමළ ජාතික සංවිධානය සහ මුස්ලිම් කොන්ග‍්‍රසය සමග එජාපයට රට පාවා දෙන ගිවිසුමක් නොමැති බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.

මාතර, වැලිගම ආසනයේ කි‍්‍රයාකාරින් හමුවකට ඊයේ  (21) වැලිගමදි  සහභාගි වෙමින් ඔහු  මේ බව පැවසිය.

එහිදි අදහස් පළකල අමාත්‍යවරයා,

දැන් පොහොට්ටුකාරයෝ බොරුවක් කියාගෙන යනවා එජාපය දෙමළ ජාතික සංවිධානය සහ මුස්ලිම්  කොංග‍්‍රසය සමග රට පාවා දෙන ගිවිසුමක් ගහලා කියලා.  අපිට ඔය කා සමගවත් රටපාවාදෙන ගිවිසුම්  නැහැ. මොකද ඔය පක්ෂ එක්ක 2014 ඉදන් එකට කටයුතු කළේ. ඒ පක්ෂ එක්ක තමයි අපි ආණ්ඩු හැදුවේ. දෙමළ ජාතික සංවිධානය ආණ්ඩුවේ  ඇමතිකම්  නොගත්තට අපි එකට වැඩ කරගෙන ආවේ. මේ  අවුරුදු 5ට අලූතින් ගිවිසුම්  ගහන්න දෙයක් නැහැ . ඒ විතරක් නෙමෙයි කවුද සම්බන්ධන් කියන්නේ 2012 අපි මැයි දිනයට යාපනයට ගියපු වෙලේ ශි‍්‍ර ලංකා කොඩිය වනපු එකම දෙමළ නායකයා. හැබැයි අපිට අද මේ චෝදනා නගන ගෝඨාභය රාජපක්ෂ සමග ඉන්නෙ කවුද? 1982 දි ති‍්‍රකුණාමලය නගරයේදි ඊලාම්  කොඩිය ඔසවලා වෙනම රජයක් ප‍්‍රකාශයට පත්කරපු වර්ගරාජ් පෙරුමාල්, අනිත් කෙනා පොලීසියේ 600 ක් යටත් වුණයින් පස්සේ අමු අමුවේ ඝාතනය කරපු කරුණා අමිමාන් මේ  අයත් එක්ක එකතු වෙලා ඉන්න ගමන් අපිට චෝදනා නගනවා . අනිත් පැත්තෙන් මේ  අයම චෝදනා කරා හිස්බුල්ලා මුස්ලිම්  අන්තවාදින් පෝෂණය කරපු කෙනෙක් අර විශ්වවිද්‍යාලය හදන්න මුදල් ගෙනවා කිව්වා. අද එතුමා ඉන්නෙ කොහේද කියලා බලන්න. රට බෙදන්න බලන් ඉන්න බලවේග  ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ එක්ක.  රට එකතු කරපු බලවේග  තියෙන්නේ අදඅ පිත් එක්ක ඒක හොඳින් මතක තියාගන්න ඕන .

දැන් මොකද කරන්නෙ මේ  අය සුපුරුදු පරිදි රණවිරුවෝ විකුණගෙන කනවා . යුද්ධයෙන් පස්සේ රණවිරුවෝ පෙන්න පෙන්න පවුල් බලය ස්ථාපිත කරා . නමුත් රණවිරුවන් වෙනුවෙන් කිසි දෙයක් කළේ නැහැ . දැනට මාස 3 ට පෙර අබාධිත රණවිරුවන් මාතරදි මාව හමුවුණා.  ඒ අයගේ ඉල්ලිම පරිදි සියලූම ආබාධිත රණවිරුවන්ට තමන්ගේ සම්පුර්ණ පඩිය දිමනා එක්ක ජිවිතාන්තය දක්වා දැන් ගෙවනවා . මේ  නිසා පොහොට්ටුකාරයින් කිඹුල් කදුළු  හෙලනවා . හැබැයි රණවිරු පොඩිඩො ටික ගෝඨාභය රාජපක්ෂට ජන්දය දෙන්නෙ නැහැ . මොකද ඒ අය කියනවා ගෝඨාභයගේ ගෙදර බල්ලෝ නාවන්න ලූ බැසිල්ගේ නෝනගේ සාරියේ හැට්ටේ  කටුව ගහන්න ආයේ බැ කියලා . පාරේ  එළවලූ වික්කා ,  කැලේ සුද්ද කරා , පාරවල් අතුගැවා , පාරවල් සුද්ද කරා මේ   තත්ත්වය ආයේ ඇතිකරගන්න ඒ අය කැමති නැහැ . එහෙනම්  සජිත් පේ‍්‍රමදාස ජනපති කරලා රට ඉදිරියට ගෙන යන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා ’’ යැයි සමරවිර මහතා වැඩිදුරටත් පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here