සජිත්ට ජනතාව ගැන විශාල කැක්කුමක් තියෙනවාද ?

Share

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයෙකු බවට පත්කලේ ජනතාව විසින් බව රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පලකරමින් මහනුවර උඩපේරාදෙනිය ප්‍රදේශයේ පැවති රැස්වීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසීය.

“සජිත් ප්‍රේමදාස මහතාව ඉල්ලුවේ ජනතාව. සජිත් ප්‍රේමදාස මැතිතුමාට විශේෂයෙන්ම අමතකවෙලා ඉන්නේ අසරණ ජනතාව ගැන විශාල කැක්කුමක් තියන පුද්ගලයෙක්. ඒක ගිහිල්ලා පැහැදිලි කරන්න.

පොහොට්ටුවෙත් ඉන්නවා අසරණ මිනිස්සු දුප්පත් අය. අහිංසක අය. ඒ අයට ගිහිල්ලා කියන්න. රනසිංහ ප්‍රේමදාස මැතිතුමත්. සජිත් ප්‍රේමදාස මැතිතුමත් හැමදාම ගමක අමතකවෙලා ඉන්න මිනිස්සු ගැන කල්පනාකරපු අය.

අපේ දර්ශනය ඒක නෙමෙයි. අද මොන අඩුපාඩුකම් තිබ්බත් අපේ රටේ තියෙන්නේ ශීලාචාර ආණ්ඩුවක්. අපි අතින් වැරදි සිද්ධ වුණා. මම නෑ කියන්නේ නෑ. නමුත් ආණ්ඩුව අද මේ නීති විරෝධී වැඩ පිටිපස්සේ නෑ.“

Read more

Local News