ඇන්ජලෝ මැතිව්ස් තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි තෙවන ස්ථානය

Share

ජගත් එක්දින ක්‍රිකට් තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ තිබේ. මේ අනුව මැතිව්ස් තෙවන ස්ථානයට පත්ව තිබේ.

ඉන්දියාව සමග පැවති එක්දින තරගාවලිය නිමාවීමත් සමග මෙම නවතම ශ්‍රේණිගත කිරීම් ඉදිරිපත් කොට ඇත.

මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය පාකිස්තානයේ මොහොමඩ් හෆීස් ය. සකීබ් අල් හසන් දෙවන ස්ථානයේත් මොහොමඩ් නබී සිව්වන ස්ථානයේත් පසුවේ.

Read more

Local News