මැලේසියානු අගමැතිට ශ්‍රී ලංකා සංචාරයේ සුවිශේෂී අවස්ථා ඇතුළත් ඡයාරූප ඇල්බමයක්

Share

ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක යෙදුණු මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී හාජි මොහොමඩ් නජිබ් බින් තුන් හාජි අබ්දුල් රසාක් මහතා සහභාගී වූ සුවිශේෂී අවස්ථා ඇතුළත් ඡායාරූප ඇල්බමය සහ සංයුක්ත තැටිය මැලේසියානු අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීම ඊයේ (20) කොළඹ, ෂැංග්‍රිලා හොටල් පරිශ්‍රයේ දී සිදු විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබු මෙම ඡායාරූප ඇල්බමය සහ සංයුක්ත තැටිය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා සහ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්වරු විසින් අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීම සිදු කළේ ය.

Read more

Local News