ශ්‍රි ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර විස්සයි20 තරග බිමේ පළමු තරගය අද (20) කටක් නුවර බරබාතී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. දෙපිල අතර පැවැති ටෙස්ට් තරගමාලාව 2-0කින් ද, එක්දින තරගාවලිය 2-1කින් ද පරාජයට පත්වූ ශ්‍රී ලංකා පිල මේ එළැඹී සිටින්නේ සංචාරයේ අවසන් අදියරටය.
තිසර පෙරේරාගේ නායකත්වයෙන් අද ඇරැඹෙන තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේ ශ්‍රි ලංකා හා ඉන්දීය සංචිතය පහත පරිදි වේ.
ශ්‍රි ලංකා විස්සයි20 සංචිතය – තිසර පෙරේරා (නායක), උපුල් තරංග, ඇන්ජෙලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, සදීර සමරවික්‍රම, දසුන් ශානක, චතුරංග ද සිල්වා, සචිත් පතිරණ, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු.
ඉන්දීය විස්සයි20 සංචිතය – රෝහිත් ෂර්මා (නායක), ලෝකේෂ් රාහුල්, ශ්‍රෙයාස් අයියර්, මනිෂ් පාන්ඩ්‍යා, දිනේෂ් කාර්තික්, මහේන්ද්‍ර සිං දෝනි, හර්දික් පාන්ඩ්‍යා, වොෂිංටන් සුන්දර්, යුස්වෙන්දර් චාහල්, කුල්දිප් යාදෙව්, දීපාක් හූඩා, ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් සිරාජ්, බැසිල් තම්පි, ජයදේව් උනද්කාට්




