ඉරානයේ වයඹ දිග ප්‍රදේශයට ප්‍රබල භූකම්පනයකින් බලපෑම් එල්ල වී ඇති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ හස්ට්‍රඩ් නගරයට ඉන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.
භූ කම්පනය රිච්ටර් පරිමාණ ඒකක 5.9 ක් ලෙස සටහන් වී ඇත.
භූ කම්පනයෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූකම්පනයෙන් පසුව තවත් පසුකම්පන කිහිපයක් ද සටහන් වී තිබේ. ගොඩනැගිලි රැසක් සහ දේපළ රැසක් විනාශ වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.