බොලිවියාවේ නගරාධිපතිනියක මහ මඟ ඇදගෙන යයි

Share

ජනාධිපති ඊවෝ මොරාලෙස් නැවත බලයට පත් කරමින් පැවති ජනාධිපතිවරණයෙන් පසු බොලිවියාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ආධාරකරුවන් අතර ඇරඹුණු ගැටුම් මෙතෙක් අවසන් වී නොමැත.

ජනාධිපතිවරණය දූෂිත බවට චෝදනා කරන විපක්ෂයේ ආධාරකරුවන් සහ පොලීසිය අතර ගැටුම් නිරන්තරයෙන් වාර්තා වෙයි.

එවැනි එක් සිද්ධියක් ලෙස බොලිවියාවේ වින්ටෝ නගරයේ නගරාධිපතිනිය විපක්ෂයේ ආධාරකරුවන් විසින් මහමඟ ඇදගෙන ගොස් රතු තීන්ත තවරා ඇගේ කෙස් වැටිය ද කපා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම නගරාධිපතිනිය පැය කිහිපයකට පසුව පොලීසිය වෙත භාරදීමට විපක්ෂයේ ආධාරකරුවන් කටයුතු කර ඇත.

Read more

Local News