ළමයින්ට රාත්‍රියේ වීඩියෝ ක්‍රීඩා තහනම් – චීන රජයෙන් නව නීතියක්

Share

ළමුන්ට රාත්‍රියේ කාලයේ වීඩියෝ ක්‍රීඩා තහනම් කරමින් නව නීති හඳුන්වා දීමට චීන රජය අවධානය යොමු වී තිබේ.

ළමුන්ට වීඩියෝ ක්‍රීඩා කිරීමට තහනම් කාල සීමාවක් පැනවීමට චීන රජය තීරණය කර තිබේ.

මානසික සහ ශාරීරික සෞඛ්‍යයට හානි පමුණුවන වීඩියෝ ක්‍රීඩා සඳහා දරුවන් ඇබ්බැහි වීම වළකාලීම අරමුණින් එම පියවර ගෙන ඇත.

මේ පියවර සමඟ අවුරුදු 18 ට අඩු ළමුන්ට රාත්‍රී 10.00 සිට උදෑසන 8.00 දක්වා කාලය තුළ වීඩියෝ ක්‍රීඩා කිරීම තහනම් වනු ඇති බව වාර්තා වෙයි.

අවුරුදු 8 සිට 16 දක්වා වන දරුවන්ට මාසයකට යුවාන් 200ක පමණ පිරිවැයකට අදාළ වන ලෙස අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩා කළ හැකි අතර, අවුරුදු 16 සිට 18 දක්වා වයස්වල දරුවන්ට යුවාන් 400ක පමණ පිරිවැයකට අදාළ වන සේ අන්තර්ජාලයට සම්බන්ධ වී ක්‍රීඩා කිරීමේ හැකියාව පවතියි.

නව නීතිවලට අනුව අන්තර්ජාල ක්‍රීඩා සඳහා ඇතුළත් වීමේදී දරුවන්ට තම සත්‍ය නාමයෙන් පෙනී සිටිය යුතුයි.

වීඩියෝ ක්‍රීඩා හා සම්බන්ධ ආයතන සඳහාද මෙම නීති බලපැවැත්වෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Read more

Local News