ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12.00 අවසන් වෙයි

Share

ඉකුත් 04 වනදා ආරම්භ වූ පලාත් පාලන ආයතන 248 ක් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12.00 අවසන් විය. ඒ පලාත් පාලන ඡන්ද විමසීමේ දෙවන අදියර යටතේය.

අද මධ්‍යහන 12.00 දක්වා ඒ සදහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට අවස්ථාව ලබාදී තිබූ අතර දෙවන අදියරේ පළාත් පාලන ආයතන 248 සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට මධ්‍යහන 12.00 න් අවසන් වීමට නියමිතය.

මේ අතර පලාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීම ලබන 22 දායින් අවසන් වන අතර එම දිනය කිසිඳු ලෙසකින් දීර්ඝ නොකරන බව ද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

Read more

Local News