රත්නපුර අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් අදියර 4ක් යටතේ සිදු කිරීමට පියවර

Share

රත්නපුර අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් අදියර 4ක් යටතේ සිදු කිරීමට හා ඉදිකිරීම් කටයුතු චීන සමාගම් හතරකට ලබා දිමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව රත්නපුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය සුදානම් වෙයි.

මෙහි පළමු අදියරේ ඉදිකිරිම් සඳහා චීන ජාතික තාක්ෂණ ආනයන හා අපනයන සංස්ථාව වෙතින් යෝජනා කැඳවීමට උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. කහතුඩුව හුවමාරුවේ සිට පැල්මඩුල්ල දක්වා මෙම මාර්ගය ඉදිවීමට නියමිත අතර මාර්ගයේ දිග කිලෝමීටර් 73.9 කි. පළමු අදියර යටතේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝමීටර් 26.30 ක ඉදිකිරීම් සිදු වේ. දෙවැනි අදියර යටතේ ඉංගිරිය සිට කහේන්ගම දක්වාත් තුන්වැනි අදියරේදී කහෙන්ගම සිට බෙල දක්වාත් හතරවැනි අදියරේදි බෙල සිට පැල්මඩුල්ල දක්වාත් ඉදිකිරිම් සිදු කිරිමට නියමිතය. මෙහි ඉදිකිරීම් ඉතාමත් කඩිනමින් ආරම්භ කිරීමට නියමිත අතර වසර තුනක් ඇතුලත ඉදිකිරීම් අවසන් කිරීමට අමාත්‍යාංශය කටයුතු සැලසුම් කර ඇත.

Read more

Local News