දැලි පිහියෙන් කිරි කන්නේ කවුද ?

Share

රනිල් වික‍්‍රමසිංහ මහත්තයා දැලි  පිහියෙන් කිරි කනවා වගේ වැඩක් කරමින් පවතින බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු  මන්ති‍්‍ර මහින්ද යාපා අබේවර්ධන  මහතා පවසයි.

අද  (13)  මාතර වැලිගමදි පැවති ජන හමුවකදි ඔහු  මේ  බව පැවසිය.

එහිදි අදහස් පලකල ඒ මහතා ,

“දැන් බලන්න රනිල් මහත්තයා කියනවා අගමැති එතුමලූ.  සජිත් මහත්තයා කියනවා හොරකම්  කරපු කිසි කෙනෙක්ට තනතුරු දෙන්නෙ නැලූ.  ආයේ අගමැතිතුමා කියනවා මම තමයිලූ අගමැති.  ඒ පාර සජිත් මහත්තයා කියනවා තොප්පිය ඕන  කෙනෙක් දාගන්නලූ.  අගමැතිතුමනි කනගාටුයි කියන්න මේ  මනුස්සයා බලයට  ආවොත් ඔබතුමාට වෙන දේ හිතාගන්නවත් බැහැ. ඒ නිසා ඔබතුමාගේ ආරක්ෂාවට අපි කියන්නේ සජිත් මහත්තයා බලයට එන එක වලක්වන්න කොහොමහරි.  දැන් රනිල් මහත්තයා මේ  කරන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්.  දිව කපාගෙන එන්න එපා කැපුනා කියාගෙන  දැම්ම  ඒකට විසඳුමක් ගන්න.

මොනවා කරලා හරි බලය ගන්න මේ  අය කරන්න පුළුවන් හැමදේම කරනවා.  ඒ අයගේ සත්‍ය හෙළිකරන මාධ්‍යයට විවිධාකාර දේ කරනවා.  මේක  කරන්නෙ මංගල සමරවිර මහත්තයා. දැන් මංගල මාතර කියන්නත් ලැජ්ජයි.  එතුමා මෙච්චර  පහත් තත්ත්වයට වැටිම ගැන අපි කනගාටු වෙනවා. ඒ නිසා ඔබතුමාගෙන් දැන් අහන්න වෙනවා ඔබතුමා ඇත්තටම මාතරද කියලා.  මාතර සුළඟ  වැදුණු  කෙනෙක් නම්  රට පාවාදෙන ජාතිය පාවාදෙන වැඩ කරන්නේ නැහැ. ඒ නිසා අපි ජනතාවට කියන්නෙ 16 වෙනිදා ඡන්ද පොළට ගිහින් ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ඡන්දය පාවිච්චි කරලා මේ  රට බේරගන්න කටයුතු කරන්න කියලයි’’ යැයි අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසිය.

Read more

Local News