චීනයේ දැල්ලන් වෙනුවට Milk Fish නැමැති මත්ස්‍ය විශේෂයක්

Share

බහු දින ධීවර යාත්‍රාවලින් මසුන් අල්ලා ගැනීම භාවිතා කරන ලෝන්ලයින් පන්න ක්‍රමය සඳහා ඇම Bait Fish වශයෙන් යොදා ගන්නා චීනයෙන් ආනයනික දැල්ලන්ගේ මිල ගණන් ඉහළ යාම තමන්ට බරපතල ගැටලුවක් බව ධීවර ප්‍රජාව විසින් පෙන්වා දී ඇත. මේ වනවිට චීනයෙන් ආනයනික එම දැල්ලන්ගේ මිල කිලෝග්‍රෑම් එකක් ඩොලර් 03-05 දක්වා ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.

එමනිසා ඊට විකල්පයක් වශයෙන් වේක්කයා Milk Fish නැමැති මත්ස්‍ය විශේෂය වගා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ පිළිබඳව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ධීවර ප්‍රජාව සමඟ සාකච්ඡා කළ අතර ඒ අනුව වේක්කයා නැමැති මත්ස්‍ය විශේෂය මත්ස්‍ය ඇම වශයෙන් යොදාගැනීමට පහසු බව ධීවර ප්‍රජාව පෙන්වා දෙයි.

 

Read more

Local News