රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් අවසන් අදියරේ

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා රාජගිරියේ ගුවන් පාලමේ අවසන් අදියරේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට අද (21) එක්විය.

එහිදී අගමැතිවරයා ප්‍රකාශ කළේ ගුවන් පාලමේ ඉදිකිරීම් මේ වන විට 95%කින් අවසන් කර තිබේන බවත් ඉදිවෙමින් පවතින රාජගිරියේ ගුවන් පාලම ජනවාරි මාසයේ ජනතා අයිතියට පත් කරන බවයි.

මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 4,700කි. ස්පාඤ්ඤ රජය සහන පොලී ණය ක්‍රමයක් යටතේ මෙම මුදල ලබා දී ඇත. මන්තීරු 4කින් සමන්විත මාර්ගය, දිග මීටර 534කි.

Read more

Local News