ලබන වසරේ සිට වාහන අංක තහඩු සඳහා නව පහසුකමක්

Share

මේ වන විට වාහන සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන අංක තහඩුව වෙනස් කරමින් ලබන වසරේ සිට ඒ සඳහා නව පහසුකමක් එක්කිරීමට එම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බව එහි කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.
ඒ අනුව එළැඹෙන වසරේ සිට වාහන අංක තහඩු සඳහා (RFID – Radio Frequency Identification) පහසුකම එක්කරනු ලබන අතර මෙම ක්‍රමවේදය මේ වන විට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැවසීය.
මෙම ක්‍රමවේදය හරහා යම් පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට හානියක් සිදුනොවන බවත් ඒ සඳහා අවශ්‍ය වන තොරතුරු මේ වන විට එක්රැස්කරමින් පවතින බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News