ස්වාධීන පරික්ෂකවරියට මියන්මාරයට ඇතුලුවීමට අවසර නොදෙයි

Share

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද ස්වාධීන පරික්ෂකවරිය වන යැන්ගී ලී හට සිය රටේ සංචාරය කිරීම සදහා අවසර නොදෙන බව මියන්මාර රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී තිබේ.

රඛායින් ප්‍රාන්තයේ රොහින්ගියා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදුවූ බව පැවසෙන වධහිංසා සහ මානව හිමිකම් සම්බන්ධයෙන් පවතින තත්ත්වය තක්සේරු කිරීම සදහා මෙම නියෝජිතවරිය එරට ලබන ජනවාරි මාසයේදි සංචාරය කිරීමට සූදානමින් සිටියේය.

එහෙත් මියන්මාර රජය පවසන්නේ මානව හිමිකම් පිළිබදව සොයා බලන කවර හෝ බලධාරීයෙකුට මියන්මාරය වෙත ඇතුලුවීමට අවසර නොදෙන බවය.

Read more

Local News