පුහුණූව ලැබූ ආධුනික පොලිස් නිලධරයන් 476 දෙනෙකු විසිර යයි

Share

පුහුණූව ලැබූ ආධුනික පොලිස් නිලධරයන් 476 දෙනෙකු මූලික පුහුණුව අවසන් කර විසිර යාමේ උත්සවයට සහභාගී වෙමින් නීතිය හා සාමය සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මහතා පැවසුවේ,

පොලීසිය පිළිබඳ ජනතාව තුළ අමිහි වී තිබූ ගෞරවය යළි ජනතාව තුළ ඇතිකිරීමට හැකි වූයේ යහපාලන රජය බගයට පත්වීමෙන් පසුව බවයි.

ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්තු ඒකේ කොටස්කාරයෝ කරන්න අපිට හැකිවුණා. පොලිසියට අහිමිවෙලා තිබුණු ජනතා ගෞරවය යළි පොලීසියට ලබා දෙන්න අපිට හැකිවුණා. අපිට ඒ කටයුතු කරන්න ඉතාම කෙටි කාලයක් තුළ පුළුවන් වුණා. දැන් අපි එතකින් එහාට කටයුතු කරන්න පටන අරන් තියෙනවා. අපි පොලිසීය ප්‍රතිසංස්කරණය කරන්න පටන් ගත්තා.

නීතිය හැමෝටම එකයි කියන දේ අපි ඔලුවේ තියාගෙන අපි කටයුතු කරන්න ඕන. ඒ විශ්වාසය අවශ්‍යයයි රටේ ආර්ථික දියුණුව ඇති කරන්න. යැයි අමාත්‍යවරයා කීය.

මෙසේ විසිර ගිය ආධුනික පොලිස් නිලධාරීන් අතර දමිළ පොලිස් කොස්තාපල්වරුන් 275 ක් සහ දමිළ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 07 දෙනෙකුත් ඇතුළත් වෙති.

 

Read more

Local News