නාමයෝජනා පත්‍ර යළි පරික්ෂා කෙරේ

Share

පළාත් පාලන මැතිවරණයට අදාල ව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල භාරගනු ලැබූ  නාමයෝජනා පත්‍ර යලි පරික්ෂා කිරිම් කටයුතු මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදි මේ දිනවල සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.
භාරදුන් නාමයෝජනා පත්‍රවල සහතික කළ පිටපත් මැතිවරණ කොමිසම වෙත ගෙන්වාගෙන මෙම පරික්ෂා කිරිම් කටයුතු සිදු කරන  අතර පරික්ෂා කිරිම් කටයුතුවලින් අනතුරුව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමේ කටයුතු ආරම්භ කිරිමට ද සැලසුම් කර ඇත.
මෙම පරික්ෂා කිරිම් වලින් අනතුරුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ ඡන්ද පොල මධ්‍යස්ථාන වෙත යොමු කරන දැන්වීම් පත්‍රිකා තැපැල් මාර්ගයෙන් යොමු කිරිමට කටයුතු කරන බව ද මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Read more

Local News