අසිරිමත් නත්තල අදයි

Share

ජේසු බිළිදාගේ උපත සිදු වු අසිරිමත් නත්තල අදයි. අද (25) දිනය ලෝකවාසී කිතුනු බැතිමතුන්ට ඉතා වැදගත් දිනයකි.

සාමයේ කුමරු ලෙසින් සුවහසක් කිතු බැතිමතුන්ගේ ගරු බුහුමනට පාත්‍රවන ක්‍රිස්තුතුමන්ගේ උපත සිහිපත් කරමින් ලොව පුරා සිටින සියලු බැතිමතුන් නත්තල සමරයි.

එතුමන් උපන් ගවලෙනත්, නත්තල් ගසත් සරසන්නටද කිතුනුවෝ අමතක ‍නොකරති. මේ සැරසිල්ල සෑම කිතුනු නිවෙසකමද දක්නට ලැබීම නත්තලේ සුවිශේෂීත්වයයි.

කිසිදු බේදයක් නොමැතිව රටට, සාමය සෞභාග්‍ය උදාවේවායි එක් සිතින් ප්‍රාර්ථනා කරමින් ප්‍රීතිමත් නත්තල් දිනක් සැමැරීම අප කාගෙත් බලාපොරොත්තුවයි.

Read more

Local News