කාජල් හා අජේ වසර 11 කට පසුව යළිත් එක්වෙයි

Share

බොලිවුඩ් පුරවරයේ සිටින අතිශය ආදරණීය ‌මෙන්ම ජනප්‍රිය යුවළක් වන කාජල් හා අජේ දේව්ගන් එකට රංගනයේ යෙදෙන චිත්‍රපටයක් එළඹෙන වසරේ තිරගත වීමට නියමිතව තිබේ. 

මෙහි තිබෙන විශේෂත්වය වන්නේ වසර 11 කට පමණ පසුව මෙම යුවළ එක චිත්‍රපටයක් සඳහා පෙනී සිටීමයි.

ඒ ඕම් රවුත් විසින් අධ්‍යක්ෂණය කරන ‘ටන්හාජි ’චිත්‍රපටය තුළිනි.

අවසන් වරට කාජල් හා අජේ දේව්ගන් චිත්‍රපටයක පෙනී සිට ඇත්තේ 2008 වසරේදී වන අතර, ඒ අජේ දේව්ගන් විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ලද ‘යූ මී අවර් හම්’ චිත්‍රපටය තුළිනි.

Read more

Local News