මාධ්‍ය උපමාන බලාත්මක කිරීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය අද

Share

මාධ්‍ය උපමාන බලාත්මක කිරීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය අද (26) පැවැත්වෙයි.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී මාධ්‍ය අවභාවිතාව වැළැක්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති මාධ්‍ය උපමාන ගැසට් නිවේදනයේ සඳහන් කරුණු බලාත්මක කිරීම පිළිබඳව මාධ්‍ය ආයතන නියෝජිතයන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙයි.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතාගේ සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන වික්‍රමසිංහ ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව 10.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.

Read more

Local News