උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට තවදුරටත් බාධා

Share

යාල්දේවී දුම්රිය පිලිපැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී ඇත.

දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු කඩිනමින් අවසන් කිරිමට බලාපොරොත්තු වන බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කළේ.

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ යාල්දේවී සීඝ්‍රගාමි දුම්රිය ගල්ගමුව සහ අඹන්පොල දුම්රිය ස්ථාන අතර මාර්ගයේදී ඊයේ (27) දහවල් පිලිපැනීමට ලක් වුණි.

මෙහිදී දුම්රිය මැදිරි 05ක් පිලිපැනිමට ලක් වී ඇති අතර දුම්රිය මාර්ගයට දැඩි අලාභහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News