කෞෂාල් සිල්වාගෙන් ද්විත්ව ශතකයක්

Share

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 202ක් රැස් කිරීමට සමත්විය. ඒ අනුව තරඟාවලීයේ පළමු ද්විත්ව ශතකය වාර්තා කිරීමට කෞෂාල් සිල්වාට හැකි විය.

ඔහුගේ විශිෂ්ට ඉනිමට හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. ඔහුගේ ඉනිම අතරතුර දිමුත් කරුණාරත්න සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 305ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඔහු සමත්විය.

Read more

Local News